ආර්ථිකයේ බලපෑම තාවකාලිකයි

24

කොරෝනා වෛරස් වසංගතයෙන් චීන ආර්ථිකය වෙත සිදු වන බලපෑම් තාවකාලික බව චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ උප අධ්‍යක්ෂ ලියෑන් වීලියැන්ග් පැවසීය. නව කොරොනා වසංගතයෙන් චීන ආර්ථිකය වෙත සිදු වන බලපෑම තීරණය කෙරෙන්නේ වසංගත පාලන කටයුතු වෙතින් ලබාගත් ජයග්‍රහණ මත බවයි ඔහු පවසන්නේ. එම බලපෑම තාවකාලික වන අතර චීන ආර්ථීකයේ දිගු කාලීන යහපත් වර්ධනය වෙනස් නොවන බව ඔහු අවධාරණය කරයි.

ඇතැම් පුද්ගලයන් 2003 වසරේ SARS වසංගතය චීන ආර්ථීකයට සිදු කළ බලපෑම මත මෙවර බලපෑම් තත්ත්වය තක්සේරු කරන නමුත් වත්මත් චීනයේ ආර්ථීක ශක්තිය, ද්‍රව්‍යාත්මක පදනම සහ හදිසි සිද්ධි පාලන හැකියාව පෙරට වඩා ශක්තිමත් බව ඔහු මේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කර තිබිණි. වසංගතයට එරෙහි සටනින් ජයගැනීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බවත් චීන ආර්ථිකය වෙත සිදු වන බලපෑම් අඩුම මට්ටමකට පාලනය කිරීමේ පූර්ණ විශ්වාසය හා හැකියාව චීනය සතු බවත් ඔහු එහිදී පවසා තිබිණි.

Previous articleලංකා e-paper (2020-02-02)
Next articleකශෝගී පෙම්වතියගේ ජීවිතය අනතුරේ !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here