කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්න

16

ශ්‍රීලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්‍රතිෂ්ඨාපනය කිරීමේදී සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයා වන කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය වන ප්‍රියංකා නියොමාලි විජේනායක යන දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ(3) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවය.

අමෙරිකන් ඩොලර් මිලියන දෙකක මුදලක් මෙම එයාර් බස් ගනුදෙනුවට අදාළව කොමිස් මුදල් ලෙස ලබා ගෙන ඇති බව රහස් පොලිසිය අධිකරණයට සාක්ෂි දෙමින් කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ සාක්ෂි මෙහෙයවීම සිදු කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට ලබා දී තිබූ උපදෙස්වලට අනුව නීතිපති දෙපාර්තමේන්තුව මෙම කරුණු දැක්වීම සිදු කළ අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ සහ අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බවට රහස් පොලිසිය සිදු කළ දැනුම් දීමකින් අනතුරුව නීතිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා ගෙන්වීමට මැදිහත් වූ පාර්ශ්වයන් වන රෝල්ස් රොයිස් සමාගම, එයාර් බස් සමාගම සහ ඊට සබැඳි අනෙකුත් සමාගම් සිදු කරන ලද ගිණුම්, ලේඛන, අත්සන්, කාඩ්පත් අංක ඇතුළු සියලු වැදගත් ලියකියවිලි සුරක්ෂිතව තබමින් ඒවා සම්බන්ධයෙන් එම සමාගම්වල නිලධාරීන්ගේ ප්‍රකාශ ලබා ගත් බවත් රහස් පොලීසිය අධිකරණයට සාක්ෂි ලබා දෙමින් කියා සිටියේය.

Previous articleමනෝරීට තහනම්
Next articleකොරෝනා වැළඳුණු මවකට දරු උපතක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here