බැසිල් එයි

11

ජනාධිපතිවරණයෙන් පසු අමෙරිකාව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊයේ (3) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යළි මෙරටට පැමිණ තිබේ.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රජා සේවා රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරු රැසක් පැමිණ සිටියහ.

පසුගිය ජනාධිපතිවරණයේ දී සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ බැසිල් රාජපක්ෂ ජයග්‍රහණයෙන් සතියකට පසු අමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඔහු නැවත මෙරටට පැමිණියේ මාස 2කට පමණ පසුවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිවීම සහ ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශ්වය අතර කතා බහක් මතුව තිබෙන මොහොතක ඔහුගේ පැමිණීම විශේෂයක් ගනියි.

මහ මැතිවරණයේ දී පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සිදුකිරීමට නියමිත අතර එහි සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙනු ඇති බවයි එම පක්ෂයෙන් වාර්තා වෙන්නේ.

Previous articleයසන්ත දිව්රයි
Next article475කට සුවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here