චීනයට පුළුවන්ලු

7

චීනයට නව කොරොනා වෛරසය පරාජය කළ හැකි බවට විදෙස් රටවල දේශපාලනඥයෝ විශ්වාසය පළ කරති.

නව කොරොනා වෛරස් ආසාදන වීමෙන් සෑදෙන නියුමෝනියා වසංගතයට එරෙහිව චීනය සටන් කිරීම පිළිබඳව සමස්ත ලෝකයේ අවධානය යොමුව තිබේ. මීට අදාලව චීනය ක්‍රියාත්මක කර ඇති බලවත් හා ප්‍රයෝජනවත් මෙහෙයුම්, විවිධ රටවල දේශපාලනඥයෝ ඉහළින් අගය කරමින් සිටිති. නව කොරොනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ඔවුහු චීනයට ස්ථිර ව ම සහය ලබා දෙති. එසේම චීනයට නව කොරොනා වෛරසය පරාජය කළ හැකි බව ද, ඔවුහු විශ්වාස කරති.

ජෝර්ජියාවේ විදේශ ඇමතිවරයා සිය ට්විටර් (Twitter) ගිණුමේ සටහන් කර ඇත්තේ, ජෝර්ජියාව චිනය සමඟ එක්ව සිටින බවයි. වසංගතය පැතිරීම මැඩපැවැත්වීම සඳහා දෙරට සහයෝගයෙන් ක්‍රියා කරනු ඇතැයි ඔහු පැවසීය.

චිලී සෞඛ්‍ය අමාත්‍යවරයා එරට චීන තානාපතිවරයා හමුවී පැවසුවේ, චින රජය නව කොරොනා වෛරසයට අදාල තොරතුරු පිළිබඳ විවෘත හා විනිවිද භාවය සහතික කිරීමත්, ඊට එරෙහිව වේගවත් හා ප්‍රයෝජනවත් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත්, ප්‍රශංසනීය බවයි.

ආසියාන් සංගම් උප මහලේකම්වරයා චීන තානාපතිවරයා හමුවී පෙන්වා දුන්නේ, ආසියාන් සංගමය චීනයේ අසල්වැසියෙකු ලෙස, චීන පාර්ශ්වය සමඟ වසංගතයට මුහුණ දීම පිළිබඳ බහුපාර්ශ්වික හා ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කරනු ඇති බවයි. ආසියාන් සංගමය චීනය සමඟ එක්ව නව කොරොනා වෛරසය පරාජය කරනු ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

Previous article2020 – 02 – 02 ලංකා ඉරිදා ජාතික පුවත්පත විනී හෙට්ටිගොඩගේ කාටූනය
Next articleසිසුන්ගේ අරගලයට ගොවි නායකයා ගොඩවදි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here