බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය අතර වූ ගිවිසුමට අනුව බ්‍රසල්ස් වේලාවෙන් ජනවාරි 31 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට බ්‍රිතාන්‍යය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් විය. සමස්ත බ්‍රෙක්සිට් ක්‍රියාදාමය සඳහා වසර තුනක් හා මාස හයක් පමණ විය.
බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමත් සමඟම එළැබෙන දෙසැම්බර් 31 වැනිදා දක්වා මාස 11ක පරිවර්තන කාලයක පසු වෙයි. එම කාලය තුළ තවදුරටත් දෙපාර්ශ්වය අනාගත සබඳතාව පිළිබඳව සාකච්ඡා පවත්වනු ඇත. විශේෂයෙන් නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළඹීම මෙහිදී වැඩි අවධානයට ලක් වන කරුණකි. එහෙත් ඉතිරි මාස 11ක පරිවර්තන කාලය නිදහස් වෙළෙඳ සාකච්ඡාවලට ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය මාධ්‍යය පොදුවේ අදහස් කරන බවයි වාර්තා වන්නේ.