විදුලි කප්පාදුව තව වසර 3ක්

81

අවම වශයෙන් තවත් වසර තුනක්වත් රට විදුලිය කප්පාදුවට ලක් වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) ඉංජිනේරු සංගමයේ ප්‍රධානී අනිල් රංජිත් පවසයි.

ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් පසුගිය පෙබරවාරි 22 වැනිදා සිට ශ්‍රී ලංකාවේ දිනපතා විදුලිය විසන්ධි කිරීමට පාලනාධිකාරිය කටයුතු කළේය.

ඉංජිනේරු සංගමය පවසන පරිදි වර්තමාන ඉල්ලුම සඳහා දිනකට මෙගාවොට් 2,800 (MW) අවශ්‍ය වන අතර දැනට පවතින බලාගාරවලින් රටේ විදුලි ඉල්ලුමට සරිලන තරම් නිෂ්පාදනයක් සිදු නොවේ.

මෙම තත්ත්වය සමනය කිරීම සඳහා රජය හදිසි පියවරක් ලෙස සූර්ය පැනල ව්‍යාපෘතිය කඩිනම් කළ යුතු බවත්, එසේ කරන්නේනම් සූර්ය බලශක්ති ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් බැටරි බැංකු ස්ථාපිත කළ යුතුව ඇති බවත් ඉංජිනේරු අනිල් රංජිත් පෙන්වාදෙයි.

මේ වන විට ශ්‍රී ලංකාව සිය විදුලි බලයෙන් වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ ජල විදුලියෙන් නමුත් වැසි සමය අවසන් වූ පසු එය කළ නොහැකි අතර ශ්‍රී ලංකාව තාප බලාගාර සඳහා ඩීසල් ආනයනය කිරීම සඳහා මසකට ඩොලර් මිලියන 100ක් පමණ වැය කරන බව පැවසේ.

මේ අතර නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ කොටසක් හෙට (16) රාත්‍රී 12 සිට වසා දමන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

ඒ අනුව එම බලාගාරය දින 75ක කාලයක් සඳහා මෙලෙස වසා තැබීමට සිදුවනු ඇත. එලෙස වසා දමනු ලබන්නේ, නොරොච්චෝලේ “යුනිට් 2” කොටස බව ලංකා විදුලි ඉිංජිනේරු සංගමය පවසයි.

Previous articleතෙල් නැතුව රට අවුල් ගොඩක
Next articleකාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here