චීනයට ස්තුතියි

8

කොරෝනා වෛරසය පාලනයට එරෙහිව පියවර ගැනීම සහ එය විදේශයන් වෙත පැතිරීම වැළැක්වීම පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ කෘතඥතාව සහ ගෞරවය චීනයට හිමි වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. චීන ජනාධිපති ෂී ජින් පිං බෙයිජිං නගරයේ පිහිටි මහජන මහ ශාලාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus හමුවීමෙන් අනතුරු ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වන විට වෛරස් උවදුරට මුහුණ පා සිටින චීන ජනතාව එක්සත්ව එක්සිත්ව කාර්යක්ෂමතාවෙන් යුක්තව කාලෝචිත හා ඵළදායි පියවර ගනිමින් සිටින බවත් ඔවුන්ගේ ජීවිත සහ ශාරීරික සෞඛ්‍යය සැමවිටම පළමු ස්ථානයට දමා වසංගතය වැළැක්වීම සහ පාලනය කිරීම වර්තමානයේ වැදගත්ම කාර්යය වන බවත් ෂී ජින් පිං පෙන්වා දී තිබිණි.
වූහාන් නගරයේ නව කොරොනා වසංගතය පැතිරීම ආරම්භ වීමෙන් පසුව, චීන රජය වසංගතය වැළැක්වීම හා පාලනය කිරීම සඳහා, ප්‍රබල පියවර මාලාවක් වහාම යොදා ගෙන ඇති බව Tedros පැවසීය. එවැනි පියවර මගින් වසංගතය ඵලදායී ලෙස පාලනය කොට අවසානයේදී එය ජය ගනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.
මාධ්‍යවේදීන් ඇමතූ අධ්‍යක්ෂ ‍ජනරාල් ටෙඩ්රොස් නව කොරොනා වෛරසය පැතිරයාම වැළැක්වීමට චීන රජය ගෙන ඇති ඉතා ප්‍රබල පියවර සම්බන්ධයෙන් ස්තුතිය පළ කරන බව සඳහන් කළේය. වාර්තා වී ඇති රෝගීන්‍ ගෙන් සියයට 99 ක් හා ඉන් මියගිය සියළු දෙනා චීනයෙන් වාර්තා වී ඇති බව පැවසූ අධ්‍යක්ෂ ‍ජනරාල් චීනයෙන් පිටත රටවල් හා කලාප වලින් සනාථ වූ රෝගීන් 68 දෙනෙකු පමණක් වාර්තා වී තිබෙන අතර කිසිඳු මරණයක් චීනයෙන් පිටත වාර්තා වී නැතැයි ද සඳහන් කළේය. චීනය දැනටමත් ඉතා ප්‍රබල පියවර ගෙන තිබෙන අතර තවදුරටත් පියවර ගන්නා ලෙසට විමසිය නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය වෛරසය පැතිරීම පාලනය වෙනුවෙන් පොදු උපාය මාර්ගයක් සඳහා එකඟ වී ඇතැයි ද හෙතෙම අනාවරණය කළේය.

Previous articleබ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වෙයි
Next articleබකමුණ සභාව මින්නේරිය රක්ෂිතය වනසයි !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here