මීටර 60, මීටර 100, මීටර 200 දකුණු ආසියානු වාර්තාව සහ මීටර 150 ආසියානු වාර්තාවත් යුපුන්ට

42

ශ්‍රී ලංකා සුපිරි ධාවන ශුර යුපුන් අබේකෝන් ඊයේ ජර්මනියේ දී මීටර 100 පිරිමි ධාවන ඉසව්වට නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමත් සමඟ මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නට යුපුන්ට හැකිවී තිබේ.

2022 වසරේ වේගවත්ම ක්‍රීඩකයා වූ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යලා, යුපුන් හමුවේ පරාජයට පත්වීමද විශේෂත්වයකි

යුපුන් අබේකෝන් මීටර 100 මෙම වාර්තාව පිහිටු වූයේ ජර්මනියේ පැවැති මලල ක්‍රීඩා තරගයකදී තත්පර 10.06ක කාලයක් සටහන් කරමිනි.

ඒ අනුව තත්පර 10යි දශම 1යි 5ක කාලයක් සටහන් කරමින් යුපුන් අබේකෝන්ම තබා තිබූ දකුණු ආසියානු වාර්තාව ද බිඳ දැමීමට ඔහුටම හැකි විය.

පසුගිය වසරේදී ද මෙම ධාවන තරගයට එක් වූ අතර එහිදී තත්පර 10යි දශම 0යි 9ක කාලයක් සටහන් කළ ද සුළඟේ වේගය ධන 2යි දශම 2ක් ලෙස සටහන් වීම නිසා එය ශ්‍රී ලංකා වාර්තාවක් බවට පත් වූයේ නැත.

මේ අනුව මීටර 60, මීටර 100, මීටර 200 යන ධාවන ඉසව් සියල්ලේම දකුණු ආසියානු වාර්තාවන්ට මෙන්ම මීටර 150 ධාවන ඉසව්වේ ආසියානු වාර්තාවට ද හිමිකම් කියන්නේ යුපුන් අබේකෝන්ම වීම විශේෂත්වයකි.

Previous articleනීතිපති උපදෙස් කැඩුවේ ඇයි ? – අධිකරණය පොලිස්පතිගෙන් කරුණු විමසයි !
Next articleමහින්ද රාජපක්ෂගෙන් CID ප්‍රකාශයක් ගනියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here