සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බංගලාදේශයේ මීර්පූර් හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 365 ක් ලබාගැනීමට සමත් විය.
ඊයේ දිනයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 5 ම ලකුණු 24 කට දැවී ගොස් සිටියේය. ඉන් පසුව පිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් සහ නායක ලිටන් දාස් දෙදෙනා අතර 6 වැනි කඩුල්ල සඳහා ගොඩනැඟුණු සම්බන්ධතාව ලකුණු 272 කි.
පසුව අද දිනයේ ලිටන් දාස් ලකුණු 141 ට දවා ගනිමින් කඩුලු බිඳවැටීම ආරම්භ විය. බංග්ලාදේශ ඉනිම ලකුණු 365 ට සීමා වූ අතර නොදැවී සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 175ක් රැස්කර ගත්තේ පන්දු 355 ක ට මුහුණ දෙමිනි..
පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 67කට කඩුලු 5ක්, අසිත ප්රනාන්දු ලකුණු 93ක ට කඩුලු 4ක්, ලබා ගත් අතර බංග්ලාදේශ කණ්ඩායමේ බිඳවැටුණු කඩුලු 9 ම ශ්රී ලංකා වේගපන්දු යවන්නන් දෙදෙනා අතරේ බෙදී යාම විශේෂ සිදුවීමකි.