හොර දුම්වැටි තොගයක් සහ පුද්ගලයෙක් නවකාත්තන්කුඩි හිදී STF අත්අඩංගුවට

53

තීරුබදු නොගෙවා හොර රහසේ මෙරටට ආනයනය කල දුම්වැටි තොගයක් සමග පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (23) දින අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරින් විසින් විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කදවුරේ දෙවන කදවුරු අණදෙන නිළධාරි පොලිස් පරික්ෂක ටි.එම්.එම්.යු.කේ.බි තෙන්නකොන් නිලධාරියා වෙත ලබාදෙන ලද තොරතුරකට අනුව, ඔහු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් 2022.05.23 වන දින කාත්තන්කුඩි පොලිස් වසමේ අල්-අමීන් පාර නවකාත්තන්කුඩි ප්‍රදේශයේදී
වැටලීමක් සිදුකර ඇත.

ආනයනය කරන ලද Gold Leaf වර්ගයේ දුම්වැටි 1020 ක් අඩංගු පැකටි 51ක් සමග මඩකලපුව නව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47ක පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා සැකකරු හා දුම්වැටි තොගය කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Previous articleජොන්ස්ටන් සීඅයිඩීය මගහරී !
Next articleජොන්ස්ටන් CID යට පැමිණෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here