ඇන්ජලෝ මැතිව්ස් 199 දැවී ගියද, දුර්ලභ ක්‍රිකට් වාර්තාවක් තබයි

90

බංග්ලාදේශයේ චිතගොන් නුවර දී පෙරේදා (15) ආරම්භ වූ ශ්‍රී ලංකා බංගලාදේශ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ලකුණු 199කට දැවී ගිය ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියේ දුර්ලභ ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් ලියැවී තිබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවසයි.

මෙම දුර්ලභ ටෙස්ට් ක්‍රිකට් වාර්තාව වන්නේ ලකුණු 99යේ දී සහ ලකුණු 199 දී දැවී ගිය පළමු ටෙස්ට් පිතිකරුවා ලෙසිනි.
මීට පෙර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කිසිඳු පිතිකරුවෙකු මේ කඩයිම් දෙක ආසන්නයේ දී දැවී ගොස් නැහැ.

මින් පෙර එක් ද්විත්ව ශතකයට හිමිකම් කිවූ ඇන්ජලෝ මැතිව්ස් ඊයේ තරගයේ දී සිය දෙවැනි ද්විත්ව ශතකයට එක් ලකුණක් අඩුව තිබිය දී (199) දැවී ගියේය. එසේම ඇන්ජලෝ මැතිව්ස් මීට පෙර ඉන්දියාවට එරෙහිව ලකුණු 99ක් ලබා සිටිය දී දැවී ගොස් තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී ලකුණු අනූවේ සීමාවට පැමිණීමෙන් අනතුරුව පස් වතාවක් දැවී ගොස් තිබෙනවා.

Previous article“මහින්ද ඇතුළු මැරයන් වහාම අත්අඩංගුවට ගනු…” ජවිපෙ තරුණ සංගම⁣ය පොලිස් මූලස්ථානයට යයි
Next articleඅද මහින්දගේ පුටුවේ රනිල් වික්‍රමසිංහ – සැඟවී සිටි මහින්ද අද පාර්ලිමේන්තුවට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here