ශ්රී ලංකා නිදහස් පක්ෂය කුමන තීරණයක් ගත්ත ද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට සහය පළ කිරීමට තමන් තීරණය කළ බව ශ්රීලනිප පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක පවසයි.
රට ගිනිගෙන තිබෙන මොහොතක දේශපාලනය කරනවාට වඩා රට ගොඩ ගැනීම කළ යුතු නිසා අර්බුදකාරී අවස්ථාවේ රනිල් වික්රමසිංහ අග්රාමාත්ය තනතුර භාර ගැනීම සම්බන්ධයෙන් සතුටු වන බව පවසන මන්ත්රීවරයා අද සවස පැවැත්වෙන ශ්රීලනිප දේශපාලන මණ්ඩල රැස්වීමේදී කුමන තීරණයක් ගත්තද තමන්ගේ තීන්දුව වෙනසක් නොවන බව චාමර සම්පත් දසනායක පවසයි.