දේශපාලනය කියන ලස්සන සංකල්පය අශුද්ධ අපිරිසිදු වගුරු බිමක් වූ කල

74

ඇත්තටම දේශපාලන කියන්නේ ලස්සන සංකල්පයක්, දේශපාලනයෙන් තොරව හුස්මක් වත් ගන්න බැහැ කියන කාරණය ඇත්තම ඇත්ත කතාවක්. දේශපාලන විද්‍යාවේ මහා න්‍යායාත්මක පුරෝගාමීන් වන මාක්ස්, එංගල්ස් සහ ලෙනින් ලෝකයේ පවතින මිත්‍යාවන්, අවිද්‍යාවන් සහ දුර්මතයන් දුරලා, විද්‍යාත්මක සමාජයක් වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම ඒ වෙනුවෙන් කැප කළේය, ලෝකයේ වෙසෙන සෑම මිනිසෙකුටම සර්ව සාධාරණ ලෙස ජීවත් වීමේ අයිතිය, සහ සෑම කෙනෙකුටම ජීවත් වීමට සුදුසු සමාජ පරිසරයක් වෙනුවෙන් ඔවුන් අරගල කළේය, එහෙත් ඔවුන් පැතූ ඒ සිහිනය තවමත් පරිපූර්ණ වශයෙන් මල් පල දරා නැති එක ගැන ඔවුන්ගේ වරදක් නොවන බව අප පිළිගත යුතු සත්‍යයකි, John Perkins ගේ Economic Hit Man පොත ආර්ථික කුලී ගායකයෙකුගේ පාපොච්චාරණය නමින් පරිවර්තනය කළ සේපාල් විජේසේකර පරිවර්තන සටහනේ මෙහෙම කියනවා,
ධනවාදයේ අර්බුධයට විසදුම ධනවාදය තුළ නොපවතී, අර්බුදය විසඳාලිය හැක්කේ නිෂ්පාදන බලවේග පෞද්ගලික දේපල සබදතා තුලින් මුදාගෙන සමාජවාදී පදනමක් මත සංවිධානය කිරීම මඟිනි, ඊට පිටතින් ඉදිරිපත් කරන කවර හෝ විසදුමක් මනෝරාජික වනු ඇත.

මේ අදහස ඇත්තක් කියා පිළිගන්න ලෝකයේ බොහෝමයක් අකමැති වූවත්, යථාර්ථය මේ යැයි පිළිගන්න වෙනවා, මේ වන විට ජීවත් වීමට නොහැකිව අවශ්‍ය ආහාර පාන, බේත් හේත් නැතිව දිනකට මිනිසුන් විසිපන්දාහක් පමණ 25,000, මිය යන බව වාර්තා වෙනවා, මේ විශමතාවයට හේතුව ලෙස ගැනෙන්නේ බලය හා මුදල් ඉතාමත්ම සුළු පිරිසක් අතර සංකේන්ද්‍රණය වීම කියලයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ, මේක තනිකරම දේශපාලන බල හුවමාරුවක් බව නොවැටහෙන්නේ , මේ System එක විසින් ව්‍යාජ Fantasy කඩතුරාවකින් අති බහුතරයක් මිනිසුන්ගේ දෑස් බැඳ දමා තිබෙන නිසාවෙනි,
මිනිසුනි, බිද හෙළන්න මේ මිත්‍යාවේ , අවිද්‍යාවේ කඩතුරාව, ඔබව යටපත් කර,හීලෑ කරන සියලුම මිත්‍යා මත වලට, එරෙහිව නැගී සිටින්න. තාර්කිකව හිතන්න, ඒ වෙනුවෙන් හදාරන්න, දවසක මේ අශුචි ගෑවිලා ඇති දේශපාලනය කියන ලස්සන සංකල්පයට නව ආකාරයේ අරුතක් වටිනාකමක්, එක්වනු ඇත.

සැබෑ අරගල කරුවනි, එවිට ජීවිතය ඔබට දෙන්නට දහසක් දේ නිර්මාණය වනු ඇත.
– සාලිය ඉදුරුවිතාන

Previous articleශ්‍රීලනිපය අග්‍රාමාත්‍ය රනිල් ට සහයෝගය දෙනවාද නැද්ද තීරණය අද(15)
Next articleශ්‍රීලනිප මන්ත්‍රී චාමර සම්පත් රනිල් ට සහය පළ කිරීමට තීරණය කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here