ශ්‍රීලනිපය අග්‍රාමාත්‍ය රනිල් ට සහයෝගය දෙනවාද නැද්ද තීරණය අද(15)

61

පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට සහය දක්වන බවට විවිධ කතා පැතිරෙන තත්වයන් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය හදිසියේ අද (15) රැස්වීමට නියමිතව තිබේ.

මේ අනුව පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7.00ට දේශපාලන මන්ඩලය රැස්වීමට නියමිත බව වාර්තා වේ.

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට සහ‍ාය ලබාදෙන්නේ ද? නැද්ද ? යන්න සම්බන්ධයෙන් මෙහිදි අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව බව ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙවන් තත්වයක් තුළ පක්ෂය නව අග්‍රාමාත්‍යවරයාට සහායදීමට තීරණය නොකළහොත් තමන් ස්වාධීනව අග්‍රාමාත්‍යවරයාට සහාය පළ කරන බව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා තිබේ.

“අපේ පක්‍ෂයෙන් තව වෙනතුරු උත්තරයක් ලැබුණේ නෑ අගමැතිතුමාට සහයෝගය දෙනවා කියලා. දැන් හැමකෙනාම කියන්නේ, ගමේ ජනතාව කියන්නෙත් මේ වෙලාවේ කළ යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන්න කියලා. අපේ පළාතේ ගමේ මිනිස්සු කියනවා නම් අපි සහයෝගය දෙනවා. අද දේශපාලන මණ්ඩලය රෑ 7ට තියෙනවා. ඒකෙදි තීන්දුවක් ගත්තේ නැත්නම් මම පෞද්ගලිකව තනියම හරි සහයෝගය දෙනවා.”

Previous articleසුසිල් ප්‍රේමජයන්තට, අනුර යාපාට අධ්‍යාපන, කෘෂිකර්ම ඇමැතිධුර!
Next articleදේශපාලනය කියන ලස්සන සංකල්පය අශුද්ධ අපිරිසිදු වගුරු බිමක් වූ කල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here