සුසිල් ප්‍රේමජයන්තට, අනුර යාපාට අධ්‍යාපන, කෘෂිකර්ම ඇමැතිධුර!

164

රනිල්, ගෝඨාභය අලුත් කරන ලද ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුසිල් ප්‍රේමජයන්ත් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුලු තවත් පිරිසක් ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ස්වාධීන වී සිටියේ ජනාධිපතිවරයා ඇතුළු රාජපක්‍ෂ වරුන්ගේ බලපරාක්‍රමය හේතුවෙන් කරන ලද අකටයුතු කම් නිසාය.

මේ අතර ඊයේ(14) දිනයේද අමාත්‍යවරුන් සිව් දෙනෙකු දිවුරුම්දුන් අතර මුදල් අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

Previous articleඇමෙරිකාවේ 18 හැවිරිදි තරුණයෙකුගේ වෙඩි තැබීමකින් 10ක් මරුට
Next articleශ්‍රීලනිපය අග්‍රාමාත්‍ය රනිල් ට සහයෝගය දෙනවාද නැද්ද තීරණය අද(15)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here