ඇමෙරිකාවේ 18 හැවිරිදි තරුණයෙකුගේ වෙඩි තැබීමකින් 10ක් මරුට

50

ඇමෙරිකාවේ කළු ජාතිකයන් බහුලව වාසය කරන නිව්යෝර්ක් ප්‍රාන්තයේ බෆලෝ නගරයේ සුපිරි වෙළෙඳසැලක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකුට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 18 හැවිරිදි සුදු ජාතික තරුණයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

වෙඩික්කරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රහාරය සජීවීව විකාශය කළ බව බලධාරීහු පවසති.

හමුදා ඇඳුමට සමාන ඇඳුමක් හැඳ හිස්වැසුම් පැළඳ සිටි තුවක්කුකරු, මුලින් සුපිරි වෙළඳසැලක වාහන නැවැත්වීමේ ස්ථානයේ පුද්ගලයින් හතර දෙනෙකුට වෙඩි තබා ඇතුලට පැමිණ ගබඩාව තුළට ගොස් ඇති අතර ගබඩාව තුළ සිටි තවත් පුද්ගලයන් නව දෙනෙකුට වෙඩි තැබීමට කටයුතු කළ බව එරට පොලිසිය පවසන බව විදෙස් මාධ්‍ය පවසයි. ඔහු තම තුවක්කුව බිම දමා පොලිසියට භාර වීමට පෙර වෙඩි තබා ගන්නා බවට තර්ජනය කළ බව බලධාරීහු පවසති.

 

 

 

Previous articleපොහොට්ටුවේ විරෝධය හමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ගෙන් හලයි
Next articleසුසිල් ප්‍රේමජයන්තට, අනුර යාපාට අධ්‍යාපන, කෘෂිකර්ම ඇමැතිධුර!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here