පොහොට්ටුවේ විරෝධය හමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ගෙන් හලයි

106

රනිල්, ගෝඨාභය ආණ්ඩුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවට ඇමති ප්‍රසන්න රණතුංග පත් කර තිබේ.

ගෝල්ෆේස් ප්‍රහාරයේ වගකිවයුත්තෙක් ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ආණ්ඩුවෙන්ද අප්‍රසාදය පළවෙමින් තිබෙන මොහොතක ආණ්ඩුව තුළ අර්බුදය ඇතිවීමට පෙර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉවත් කර තිබේ.

රටපුරා හර්තාලය පැවති අප්‍රියල් 06 දා පාර්ලිමේන්තු වටරවුම අසල අන්තරේ සිසුන්ගේ විරෝධතාවයට පහරදුන් නමුත් නැවතත් ඔවුන් එතැනම ස්ථානගත වීමත් සමඟ පාර්ලිමේන්තුව දින කිහිපයකට කල්තබන ලදී.

ඉන් පසුව ගෝල්ෆේස් ප්‍රහාරයත් සමඟ රට තුළ සිදු වූ සමාජ හා දේශපාලනික බල පෙරළිය හේතුවෙන් පක්‍ෂනායක රැස්වීමේ එකඟතා මත පාර්ලිමේන්තුව මැයි මස 17 වැනිදා තෙක් කල් තැබූ අතර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ ද සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

මේ හේතුවෙන් ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරයට හිටපු අග්‍රමාත්‍යා සහ එක්සත් ජාතික පක්ෂ නායක මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට ආරාධනා කර එය පිළිගත්තේය.
පසුව මෙරට වැඩිම වාර ගණනක් අගමැති ධුරයෙහි කටයුතු කළ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය හිමිවීමෙන් පසු නව නියෝජ්‍ය කථානායකවරුන් ද පත් කෙරෙන අතර, සභා නායක ධුරය සහ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය ද මෙලෙස නම් කෙරිණි.

Previous articleමෙම වසරේ ක්‍රිකට් ලෝලී හදවත් සසල කළ කැන්ගරු දේශයේ තුන් වන ජිවිත සමුගැන්ම ඇන්ඩෲ සයිමන්ඩ්ස්
Next articleඇමෙරිකාවේ 18 හැවිරිදි තරුණයෙකුගේ වෙඩි තැබීමකින් 10ක් මරුට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here