පසුගිය මැයි 9 දින ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලයට ආණ්ඩුව දියත් කල මැර ප්රහාරයෙන් පසු රටපුරා ඇතිවූ කලහකාරී තත්වය ගැන පරීක්ෂණ කරන මුවාවෙන් සාමකාමී අරගලවල නිරත පුද්ගලන් සම්බන්ධයෙන් ද තොරතුරු රැස් කිරීමට පොලීසිය විසින් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
මේවන විට රටපුර සිවිල් ඇදුමින් සැරසුන ආරක්ෂක අංශවල පිරිස් මෙම තොරතුරු රැස් කිරීම සදහා යොදවා ඇති අතර එම පිරිස සී.සී.ටී.වී දර්ශණ සහ දුරකතන දත්ත විමර්ශණයට කටුුයුතු කරමින් සිටින බව සදහන්.
කෙසේ වෙතත්, නිවාස ඇතුළු දේපළවලට පහරදී ගිනි තබා විනාශ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් ගණනාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය ප්රකාශ කර ඇත.
මේ අතර කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්රිතව සිදුවූ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බවට පොලීසිය ප්රකාශ කර ඇත. එහෙත් මෙම සාමකාමී උද්ඝෝෂණයට පහරදුන් පුද්ගලන් හදුනාගන ඇතත් ඔවුන්ට අදාලව නීතිය ක්රියාත්මක කිරීමට පොලීසිය අපෙහෙසත් වී ඇත.