එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස මොහොමඩ් බින් සයීඩ්, එරට රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති බව විටදස් මාධ්‍ය වාර්තා කරයි.
ඩුබායි රාජ්‍යයෙහි ජනාධිපති ලෙස කටයුතු කළ ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නයාන් ඊයේ (13) දිනයේ දී අභාවප්‍රාප්ත වීමත් සමග නව ජනාධිපතිවරයා පත් විය.
මිය ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබියේ පාලකයා ලෙස 2004 නොවැම්බර් 03 වැනිදා සිට සිය ධුරයේ ක්‍රියා කළේය.
නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමග මොහොමඩ් බින් සයීඩ් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තුන්වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි.
ෂෙයික් කලීෆා බින් සයෙඩ් අල් නයාන් අභාවප්‍රාප්ත වීම