වසර 40කට පසු ජාතික රූපවාහිනිය පෝය සජීව විකාශය අතහරී

70

1982 සිට ජාතික රූපවාහිනිය සෑම පෝය දිනකම දිවයිනේ කුමන හෝ ස්ථානයක සිට සජීව විකාශයක් සැලසුම් කළේය. ඉන්දියාවේ බුද්ධගයාව, ශ්‍රී පාදස්ථානය, දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය ආදි ස්ථානවල සිට සජීව විකාශ 500කට ආසන්න සංඛ්‍යාවක් පවත්වා ඇත.

මෙවරද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට වෙසක් පෝය සජීව විකාශය සැලසුම් කර තිබූ අතර, ඊට මල්වතු හා අස්ගිරි පාර්ශවයෙන් ද පූර්ණ සහයෝගය හිමිවිය.

එහෙත් අද (14) පෙරවරු 11.00 ට පමණ රූපවාහිනි සංස්ථා පාලනාධිකාරිය විසින් ශ්‍රී දළදා මාලිගාවේ සිට සිදුකෙරෙන ‍පෝය සජීව විකාශය අවලංගු කළ බව දන්වා ඇත. දළදා මාලිගාවේ සිට පැවැත්වෙන සජීව විකාශයට රුපියල් ලක්ෂ 5ක පමණ අනුග්‍රාහක දායකත්වයක් හිමිව තිබිණ. එම මුදල ද මෙම තත්ත්වය යටතේ සංස්ථාවට අහිමි වනු ඇත. ඊට අමතරව අනුග්‍රාහකයින්ගේ විශ්වසනීයත්වය ද බරපතල අභියෝගයකට ලක්කර ඇත.

මීට අමතරව ප්‍රේක්ෂක ආකර්ශණය දිනාගත් වැඩසටහන් රැසක් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව නවතා දමා ඇත.
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මූල්‍ය තත්ත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර මෙවැනි සිදුවීම්වලින් එය තව තවත් තීව්‍ර වනු ඇතැයි සේවකයෝ පවසති.

Previous articleවසර 2ක් දේශසීමා වසා තබා රට විවෘත කර දින කිහිපයෙන් නවසීලන්ත අගමැතිනියට කොවිඩ්
Next articleවසර 18කට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේජනපති වෙනස් වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here