දේශසීමා වසා දමා වසර 2කට අධික කාලයක් වසාතබා වසංගතයෙන් ආරක්ෂා කළ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩන් හට කොරෝනා ආසාධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් ඉදිරි සතියක කාලය තුළ ඇය හුදකලාව සිටිනු ඇති බවද ඇයගේ තත්වය බරපතල නොමැති බවද වාර්තා වේ.
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගියදා එරට දේශසීමා වසා දමා වසර 2කට අධික කාලයකට පසු රට විදේශිකයින් වෙත එරට කොවිඩ් රෙගුලාසි ලිහිල් කර දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව නවසීලන්ත අගමැතිනියට කොවිඩ් ආසාධනය වී ඇත.