අලුතින් හදපු ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්රමසිංහ ආණ්ඩුවේ කිසිම කොටස්කරුවෙකු නොවන බව ආණ්ඩුවේ සුළු පක්ෂ දහය පවසයි.
දැන් රට පත්වී තිබෙන තත්වයට රනිල් වික්රමසිංහ අගමැති වූනයි කියල විසදුම් හම්බවෙන්නේ නැති බව විමල් වීරවංශ පවසයි. “මගේ අදහසට අනුව රනිල් කියන්නේ සාටක දාගත් බැසිල් රාජපක්ෂ. බැසිල් කියන්නේ ටයි කෝට් ඇඳපු රනිල් වික්රමසිංහ මිසක් වෙන දෙයක් නෙමෙයි. අපි මේ දෙන්නගේ ආණ්ඩුවට සහයෝගය දෙන්නේ නෑ. ඒ පිලිබඳ අපි පක්ෂ දහයම එක මතයක ඉන්නේව” යනුවෙන් පැවසීය.
“මේ ආණ්ඩුව අපි පෙරලන්නෙ නෑ. සහය දෙන්නෙත් නෑ “යනුවෙන් උදය ගම්මන්පිල මෙහිදී පැවසීය.