නාමල්ගේ ගැසට්ටුවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක්

24

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් මස 01 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ජුනි මස 30 වනදා දක්වා බල පැවැත්වෙන බවද අදාළ නියෝගයේ සඳහන් කර ඇති අතර සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුමඩුල්ල විසින් මෙම නියෝගය දෙනු ලැබීය.

අධිකරණය විසින් මෙම නියෝගය නිකුත්කළේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති එම්.රිස්ලි ඉල්යාස් විසින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

එම පෙත්සමෙහි සදහන් වන්නේ බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා 2019 වසරේ දී ශ්‍රී ලංකා රග්බි සංගමයට උපදෙස් දුන් බවයි.

එහෙත් එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බව පවසන බස්නාහිර පළාත් රග්බි සංගමය එම රිසිට් පත් සියල්ල ඉදිරිපත් කල බවද පෙත්සමේ සඳහන් කර තිබේ.

එම තත්වයක් තිබියදී නීතිපති උපදෙස් ලබාගැනීමකින් තොරව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා රග්බි සංගමයේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර අප්‍රේල් මස 01 වැනිදා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කල බවද පෙත්සමේ සදහන් වෙයි.

Previous article“ගීත අසන්න ඕන තරම් තාක්ෂණික මෙවලම් තියෙනවා. ගුවන්විදුලිය ඊට වෙනස්. “
Next articleගෝඨාභය රනිල් ආණ්ඩුවට ශ්‍රීලනිපයේ කිසිදු සහයක් නෑ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here