බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට මේ වන විට පැමිණ තිබේ.
දේශබන්දු තෙන්නකෝන් අද (13) පෙරවරු 10 ට පමණ එහි පැමිණි බව අප වාර්තාකරුවන් පවසයි.
පසුගිය 9 වැනි දින ගාලුමුවදොර ගෝඨාගෝගම පරිශ්‍රයේ සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙලෙස කැඳවීමක් සිදුකර තිබේ.