“ගෝඨාභය රාජපක්ෂගේ ජනවරම සමන්විත වෙලා තිබුනේ කොහොමද මහා දවාලේ මහබැංකුව කොල්ලයේ මහ මොලකරු රනිල් පන්නමු කිව්වා, පාස්කු ප්‍රහාරය සිදුවෙන්න අත්හැරලා අගමැති හැටියට තමන්ගේ වගකීම ඉටුකළේ නෑ. ඊට රනිල් වගකිවයුතුයි කියල ඒ නිසා පාස්කු ප්රහාරාට වගකිවයුත්තන්ට දඬුවම් දෙනවා කිව්වා. හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විකුනනකොට මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ කිව්වේ රානිල්ගේ ජාතික දේපල විකිනීමට එරෙහිව තමයි ජනවරම ඉල්ලන්නෙ කියල. ඒ මුළු ජනවරමට විරුද්ධව තමයි අද ගෝඨාභය රාජපක්ෂ තීන්දුව ගත්තෙ. එදා මෛත්‍රිපාල පස්සදොරෙන් මහින්දට අගමැතිකම දුන්න වගේම සිද්දියක් තමා මේ කළේ.”
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී එහි නායක අනුර දිසානායක අද (13) පෙරවරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී මෙම අදහස් පළ කළේය