නව අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා අරණ බව අගමැති පාර්ශවයේ හිටපු මන්ත්‍රීවරයෙක් පවසා තිබේ.
මේ අතරම ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත බවද ඔහු පවසයි.
මීළඟ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍යවරුන්ගේ විෂය පථය සැකසීම සඳහා සති දෙකක කාලයක් ගතවනු ඇතැයි විශ්වාස කෙරේ.