මේ වෙනකොට රාජපක්ෂලාගේ දේශපාලන උපක්‍රමය තේරුම් ගැනීම එතරම් අමාරු නෑ.
අනිවාර්යෙන් ඉදිරියේදී තමන්ව බලයෙන් පහ වීමට නියමිත බව දන්නා ඔවුන් දැන් කල්පනා කරන්නේ බලය නැති වුණාට පසුව තමන්ට වඩා ම තර්ජනයක් නොවනා දේශපාලන පරිසරයක් රටේ ඇතිකර ඉවත් වීමයි.
ඔවුන්ගේ දූෂණ වංචා හෙළිදරව් කර ඔවුන්ට දඬුවම් කිරීමට හැකි ක්‍රමය බිහි වීමට වඩාම ඉඩ ඇත්තේ අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ජනතාවාදී ජාතික ජන බලවේගය රජයක් යටතේ බව ඔවුන් හොඳින් දන්නවා.
කුඩා ළමයෙකුට පවා තේරුම් ගන්න අමාරු නෑහැ, කිසිවෙක් තමන්ට අභියෝගයක් හෝ තර්ජනයක් ඇති විය හැකි කෙනෙකුට මොනම තත්ත්වයක් යටතේවත් බලය ලබා දෙන්න යන්නේ නැහැ කියලා. රනිල්ව රාජපක්ෂලාට තෝරාගන්න ප්‍රශ්නයක් නැති නොවීම තුළ පෙන්වන්නේ ඔවුන්ට කිසි විටෙක රනිල් අභියෝගයක් හෝ තර්ජනයක් නොවනා බව ඔවුන් හොඳින් දන්නා බවයි.
රනිල්ව අගමැති කිරීම තුළ රනිල්ගේ පාර්ශවය තුළ ද අසමගියක් ඇති කරන්න පුළුවන්. ඒ විදිහට රාජපක්ෂලාට අවශ්‍ය වන්නේ වැඩි බලයක් හිමිනැති නිතරම ගැටුම් ඇති, විසිරුණු එමෙන්ම ඔවුන්ට වඩා යමක් කරලා පෙන්නන්න ද බැරි අස්ථාවර දේශපාලන පරිසරයක් නිර්මාණය කිරීමයි. ඔවුන්ට ඇති වාසිය පැත්තෙන් කල්පනා කරන විට මේ තමයි ඔවුන් දැන් නිර්මාණය කිරීමට ඉඩ ඇති ඔවුන්ට වඩාම වාසි සහගත දේශපාලන පරිසරය. රනිල්ව තෝරා ගත්තේ ඊට යාමට ඇති වඩාම වාසිසහගත මාවතක් රනිල් හරහා ඔවුන් දකින නිසයි.
– ධනංජය කරුණාරත්න