මහින්ද, නාමල්, දේශබන්දු ඇතුළු 24කට රටින් පිටවීම තහනම්

38

ගාලුමුවදුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සාමකාමී මහජන අරගලයට මැරයන් යොදවා ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරගෙන යන පරීක්ෂණ සඳහා අවශ්‍ය කෙරෙන මහින්ද රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු යන දේශපාලනඥයන් මෙන්ම බස්නාහිර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 දෙනෙකුට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය විසින් තහනම් නියෝගයක් පනවා තිබේ.

මෙම වාරණ නියෝගය අද (12) දහවල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ විසින් ලබා දී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතිරෙක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන කරන ලද ඉල්ලීමක් සලකාබැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම තහනම් නියෝගය පනවා තිබේ.

එම නියෝගය අනුව රටින් පිටවීම තහනම් කර ඇති අනෙක් පිරිස වන්නේ, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, කාන්චන ජයරත්න, සම්පත් අතුකෝරාල, සනත් නිශාන්ත, රේණුක පෙරේරා යන දේශපාලනඥයන් සහ මහින්ද කහඳගමගේ ඇතුළු පිරිසකි.

මෙම සිද්ධියට අදාළ සාක්ෂිකරුවන් ලෙස විදෙස් ගමන් තහනම් වූයේ නෝනාමොරින් නුර්, ඇටැම්පිටියේ සුගතානන්ද හිමි, ගල්පායගේ දොන් අමල් සාලින්ද පෙරේරා, සේනාදි චතුරංග, පීරිස්ලාගේ අමිල ජීවන්ත, කොඩිතුවක්කු ආරච්චිලාගේ ජගත් චන්ද්‍රාවතී, මොහොමඩ් ශර්මිලා යන 07 දෙනාගේය.

Previous articleරාජපක්ෂවාදී ජනයා එදා රතු අලිය කිව්වෙ අනුරට
Next articleරනිල් බඩට සලකා අරගලයේ අභිලාශය වැනසීමේ දිවුරුමක්?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here