රනිල් අගමැති වීම එක්ක දේශපාලන ආතල් ගොඩක් තියෙනව. එකක් තමයි ලංකාවෙ ප්‍රථම වරට රටේ අගමැති වෙන්නෙ තමන්ගෙ ආසනයවත් දිනා නොගත්ත කෙනෙක්. ජනාධිපති අඩුම තරමෙ පාර්ලිමේන්තුවෙන්වත් අහන්නෙ නැතිව කරන පත්වීමක්. යහපාලන ආණ්ඩුව කරගන්න බෑ කියල කිව්වෙ පක්ෂ දෙකකින් ජනාධිපති හා අගමැති පත් උන නිසා..ඒකම ආපහු සිදු උනා. රාජපක්ෂවාදී ජනයාට අනුව රනිල් දේශද්‍රෝහියෙක් මහ බැංකු කොල්ල කෑ එකෙක්, හම්බන්තොට වරාය විකුණපු ඒකෙ වී ගබඩා කළ කෙනෙක් .
ගෝඨාභය බලයට ආවෙ රනිල්ගෙ කාලෙ වෙච්ච පාස්කු ප්‍රහාරයට රනිල්ගෙ ආණ්ඩුව වග කිව යුතුයි කියල. මෛත්‍රී දින 52 ආණ්ඩුව හදන්නෙ රනිල්ට විරුද්දව. ඒ මෛත්‍රී ඝෝඨාභයට සහාය වෙන්නෙ රනිල්ට විරුද්දව. රාජපක්ෂවාදී ජනයා එදා රතු අලිය කිව්වෙ අනුරට
– රවී සිරිවර්ධන