ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවළට අනුව ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක, මහජන ආරක්ෂක සහ මුදල් අමාත්‍යාංශ සඳහා ලේකම්වරු තිදෙනෙක් පත්කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
මේ අනුව ඊයේ (11) දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් පෙර සිටි ලේකම්වරුම නැවත පත්කළ බව එම නිවේදනයේ සදහන් වෙයි.
ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න
මහජන ආරක්ෂක අමාත්‍යාංශය – විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්
මුදල් අමාත්‍යාංශය – කේ.එම්. මහින්ද සිරිවර්ධන