අපි උන් දුන්නු අළුවලින් ලස්සන චිත්‍ර අඳිමු ආයේ

407

මේ ඉන්නෙ සුජිත් රත්නායක. ඔහුටම කියල සියලු පහසුකම් සමඟ studio එකක් තියෙද්දි ගෝඨාගෝගමට සියලු ආම්පන්න සමඟ එනවා. එක දිගට අරගලයට ආර්ට් එක අරන් ඇවිත් ඔහු සහ තවත් සගයන් ගෝල්ෆේස් එක මහජන කලාගාරයක් බවට පත් කලා. මේ පුන්චි ශරීරකූඩුවේ හිත හයියයි. ඒ හයිය හිත පොදු අරමුණක් වෙනුවෙන් එක දිගට මාසයක් යනකම් එක දිනක්වත් ගෙදර සැප නින්දක් නැතුව මේ අරගල බිමේම පැදුරු කෑල්ලක් මත විඩාව සන්සිඳුවා ගත්තා. සීතලත් රශ්නයත් අතර වෙහෙසකර ක්‍රියාවක් චිත්‍රයට ගෙනාවේ අපි ගොඩක් අයට භෞතිකව කරන්න බැරි දෙයක් ඔහු කරමින්. ඒකට ඔහුට මගේ ආචාරය. ගෝඨාගෝගමට ගහනවා කිව්වම මට ඉස්සෙල්ලම හිතට ආවේ ඉස්සෙල්ලම හමුවෙන චිත්‍රාගාරය මුන් ඉවර කරනවා කියන හැඟීම. ඔව් ඒක එහෙම වුනා. උන් ඒ කලාගාරය ගිනි තිබ්බා. ලොකු පොඩි භේදයකින් තොරව, හැමෝම ඇඳපු චිත්‍ර එතැන තිබුනා.

කවදාක හරි ලංකාවේ සංස්කෘතික දේපලක් වෙන්න තිබුන චිත්‍ර ඒ උන් විනාශ කළේ. පිට රට අයත් ලංකාවෙ අයත් පරිත්‍යාග කරපු කැන්වස්, තීන්ත, ඊසල්, පින්සල් සහ ඔහුගෙ වැඩ කරන උපකරණ සියල්ල වාගේ උන් ගිනිබත් කරල. මනුස්සයෙක්ගේ භාවිතය ඇතුළෙ ඇඟෙන්ම නඩත්තු කරන හැඟීමක් ගිනිබත් කරාම ඒ හිත හදාගන ගොඩක් අමාරුයි. අපිට සුජිත්ව තෙරෙනවා. අපි උන් දුන්නු අළුවලින් ලස්සන චිත්‍ර අඳිමු ආයේ. අපි ආයේ කලාගාරය හදමු. මේ නිදහස් මිනිසුන්ගේ කලාගාර අවකාශය. ඒක මුලු ලංකාවටම අයිති කලාගාරයක්.

– ප්‍රගීත් රත්නායක

පොඩ්ඩක් ඔළුව කසල ආයෙමත් ආදරේ කරමු.

මේ ඉන්නෙ සුජිත් රත්නායක. එයා තමයි අපේ චිත්‍රකාරයා.අපේ ගෝඨා ගෝ ගමේ චිත්‍රාගාරය එයාගෙ. එයා ජාත්‍යන්තරය පවා පිළිගත්ත චිත්‍රකාරයෙක්.එයා මුලින්ම ආදරේ මිනිස්සුන්ටයි ඊළඟට එයාගෙ චිත්‍රවලටයි.එහෙවු එයාගෙ චිත්‍රාගාරෙට තමයි ගිනි තියල විනාස කෙරුවෙ. එයාට දුකයි.ඒත් එයා මොකද කෙරුවෙ ? පොඩ්ඩක් ඔළුව කසල ආයෙමත් චිත්‍ර අඳිනව. ඇයි අපිට බැරිද එහෙම වෙන්න ?

ඇයි එයා කියල මහ ලොක්කෙක්ද ? අපිට බැරිද එහෙම ආදරේ කරන්න ?
එන්න අපි මිනිහට හොඳ පාඩමක් උගන්නමු.අපිත් සුජිත් වගේ වෙමු.

– භාරතී වීරසිංහ

Previous articleදේශබන්දු තෙන්නකෝන් ට පන්න පන්නා පහරදෙයි
Next articleශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි තීරණයක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here