“අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළාදකිනව” – ත්‍රෛනිකායික මහනාහිමිවරුන්

40

අද සිදුවීම් මාලාවත් සමඟ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පටු දේශපාලන අරමුණු පෙරදැරි කරගනිමින් සාමකාමී අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළාදකින බවය.

සෘජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියාමාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නායකයින්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයින් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නොමැති බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ ආයතන කටයුතුකළ යුතු බවද මහානාහිමිවරුන් අවධාරණය කර තිබේ.

Previous articleගෝටාගෝගම ජය හා බලලෝභියකුගේ නින්දිත ප්‍රහාරය
Next articleඅගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here