මැති ඇමතිවරුන් ගණනාවකගේ නිවෙස් වලට තවමත් ප්‍රහාර එල්ලවෙයි, ගිනිබත් වෙයි

39

සාමකාමී විරෝධතාවයේ නියුතු මහජනතාවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මැර කල්ලිය සමඟ සනත් නිශාන්ත ද සිටින අයුරු අද (09) දහවල් ගාලු මුවදොරී දැකගත හැකිවුණා.

රජයේ අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා නගරාධිපතිවරුන් රැසකගේ නිවාසටවලට හා පක්‍ෂ කාර්යාලවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබා ඇති අතර තවමත් වාර්තා වෙයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, ගම්පහ නගරාධිපති එරංග සේනානායක, සාලිය එල්ලාවල, නිමල් ලන්සා, කුරුනෑගල නගරාධිපතිගේ නිවෙස්වලට හා පක්‍ෂ කාර්යාලවලට ගිනි තබා ඇතැයි වාර්තා වෙයි. තවත් අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ නිවාස රැසකට ගල් ප්‍රහාර එල්ලවන බව ද වාර්තා වෙයි. මේ වන විටත් අගමැතිවරයාගේ මැදුරේ උත්සවයට සහබාගී වූ පොහොට්ටුවේ පිරිස් ගම්බිම් වලට එනතුරු ජනතාව බලා සිටින බවද වාර්තා වේ.

Previous articleඅමරකීර්ති අතුකෝරල මියයයි – වෙඩිතබා ගත්තාද? වෙඩි තැබුවාද?
Next articleවීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිවස ඉදිරිපිට වෙඩි වැදී දෙදෙනෙකු මියයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here