පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතකෝරල වෙඩි වැදීමකින් මිය ගොස් තිබේ. අද පස්වරුවේ නිට්ටඹුව ප්රදේශයේ දී මෙම වෙඩි තබාගැනීම සිදුව ඇත.
නිට්ටුඹුව නගරයේ පැවති සමකාමී උද්ඝෝශණයක් අසලින් ගමන් ගනිමින් සිටිදී එම උද්ඝෝශණයේ පිරිසක් විසින් අමරකීර්ති අතුකෝරල මන්ත්රීවරයා නවත්වා ඇත. අතර එම අවස්ථාවේ මන්ත්රීවරයා විසින් පිස්තෝලයකින් උද්ඝෝෂණයේ නිරත පිරිසට වෙඩි තබා ඇත. එම වෙඩි තැබීමෙන් තිදෙනෙකු තුවල ලබා ඇත.
එහිදි කුපිතවූ ජනතාව මන්ත්රීවරා වටකර අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී අසල වෙළද සැලකට පැන සැගවී ඇත. පසුව ජනතාව මෙම වෙළදසැලද වටකර ඇති අතර එතනින් පලායාමට නොහැකිවූ අමරකීර්ති අතුකෝරල වෙඩි තබාගන මියගොස් ඇති බවටයි එහි සිටි පුද්ගලයන් පවසන්නේ.
නිට්ටඹුව ප්රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනෙකු මේ වනවිට වතුපිටිවල රෝහල වෙත ඇතුලත් කර තිබේ.
ඒ අතරින් තිදෙනෙකු වෙඩි වැදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් බව අනාවරණය වී ඇත.