මුදල් අමාත්‍ය හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ද සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
මේ අතර මීට පෙර කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ සෞඛ්‍යය අමාත්‍ය චන්න ජයසුමන ද සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙනවා.
කෙසේ නමුත් විද්වතුන් චෝදනා කරන්නේ මේවා රංගනයක් පමණක් බවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමේදීම අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්වූ සේ සලකන බවයි.