ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී ලාල්කාන්ත, වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ වනවිට ගාලු මුවදොර අරගල භූමියට පැමිණ තිබේ.
අරගලකරුවන්ට සහාය පළ කරමින් පැමිණි මෙම පිරිස අරගලකරුවන් සමඟ එහි රැදී සිටියි. එසේම වෘත්තීය සමිති නායකයින් කිහිපදෙනෙක් ද අදාළ එම ස්ථානයට පැමිණ තිබේ.
මේ අතර සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද එම ස්ථානයට පැමිණි නමුත් එහි සිටි පිරසගේ දැඩි විරෝධය මැද සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාව ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගියේය.
එසේම විපක්ෂ නායකවරයා පැමිණි රථ පෙළට එහි සිටි පිරිසක් පහරදෙන අයුරු දක්නට ලැබුණි.