රැඟුවට මෙතෙක්කල් පරදන ලෙස බ්‍රැන්ඩෝ – එල්ලෙනු එපා යළි මැදමුලනෙහි වින්ඩෝ

92

මුවදොර අරගලය අද සපුරයි මාසේ
⁣Go කිව් එකා හට තාමත් එය නැසේ
නන්දේ කුජීතයි මේ වෙනකොට බෝසේ
දැන්වත් ගියොත් රටටයි ඉන් සංතෝසේ

එනකොට කිව්වෙ ඔහු වැඩ කරනා විරුවා
කළ වැඩ ඉතිං දිරවා ගන්නත් බැරුවා
රඹුක්කනදි පොලීසියෙන් මිනිමැරුවා
කියපු ලෙසම මිනිහා හොදටම කෙරුවා

පත්වුණු දා ඉදන් ගෑවෙම කන්කෙදිරී
දැන් නම් බලය ටික ටික යනවා ඉදිරී
ජංගිත් වනා කොල්ලන් වුණු හැටි එදිරී
එච්.ඊ. කෙනෙක් මේ හැටි වුණෙ නැත පදිරී

ප්‍රසිඩන්ට් වෙලා දෙවතාවක් හිටි අයියා
බලයට ලොබින් යළි අගමැති වුණු ගොයියා
යනවලු නේද අද ගැහුවත් මොන කයියා
ඉවරයි සිංහයෙක් වගෙ පෙන්නපු සෙයියා

කිව්වට නීලලා ගහලා හරි ගන්ඩෝ
දැන් රට කියන්නෙම මුළු පවුලම යන්ඩෝ
රැඟුවට මෙතෙක්කල් පරදන ලෙස බ්‍රැන්ඩෝ
එල්ලෙනු එපා යළි මැදමුලනෙහි වින්ඩෝ

– ප්‍රියන්ත කොඩිප්පිලි

Previous article“හදිසි නීතිය ගෙන ඒමට තියන හදිසිය මොකක්ද” NPP කොටුවේදී ප්‍රශ්නකරයි
Next articleකොළඹ ප්‍රදේශ 3කට පොලිස් ඇඳිරි නීතිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here