මේ මස 15 වනදා ආරම්භ වන බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම අද (08) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
එම තරගාවලිය සඳහා ශ්රී ලංකාව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් තරග වදී.
පළමු තරගය මැයි මස 15 වනදා චිතගොංහිදී ආරම්භවීමට නියමිත අතර දෙවන තරගය මැයි මස 23 වැනිදා ඩකා නුවරදී ආරම්භ වෙයි.
මැයි මස 11 වැනිදා ශ්රී ලංකා කණ්ඩායම පුහුණු තරගයක් ක්රීඩා කිරීමටද නියමිතව ඇත.