පිළිකා රෝහලේ කාන්තාවන් බෙහෙත් නොමැතිකම හේතුවෙන් දුක් විඳින බව පවසා ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ (07) ‘තිසර පට අරගලය’ ලෙස නම් කළ විරෝධය දැක්වීමක් පවත්වන ලදී.
මෙම විරෝධතාවය වෙනස් මුහුණුවරක් ගත් අතර කාන්තා තනපට ජනාධිපති ලේකම් කාර්යාලයේ වැටේ එල්ලා තැබීමෙ එය සංකේතවත් කළේය.
දැනට වසරකට රෝගීන් 3,000 ක් පමණ හඳුනා ගන්නා අතර පියයුරු පිළිකාව යනු ශ්‍රී ලංකාව තුල කාන්තාවන් අතර බහුලතම පිළිකාවය. රෝගීන් සංඛ්‍යාව සෑම වසරකම වැඩිවෙමින් පවතියි.
අනෙක් ක්ෂේස්ත්‍රයන්ගේ මෙන්ම ඩොලර් අර්බුදය මැද ඔවුන්ට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සීමාවීම හරහා රෝගීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.