“ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේලා මේ රටට විපත් සිදුවන අවස්ථාවල පෙරමුණ ගත්තා”

47

ජාතික භික්ෂු පෙරමුණ සංවිධානය කර තිබූ දැවැන්ත රැලියක් කොළඹ හයිට් පිටියේදී අද පස්වරුවේ පැවැත්විණි.

ඒ සඳහා මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියේය. “74 වසරක් සාපය නිමා කරමු! ජනතාවාදී පාලනයක් ගොඩනගමු!” යන තේමාවෙන් මෙම රැලිය භික්ෂුන් වහන්සේලා පා ගමනින් ගාලුමුවදුර අරගල භූමියට වැඩමකළේය.

ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උධිත හිමි

මෙරට අධිරාජ්‍යවාදී ආක්‍රමණවලට ගොදුරුවූ හැම අවස්තාවලදීම ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත් සේම මෙම භික්ෂු රැලියට සහභාගී වූ භික්ෂූන් වහන්සේලාද ප්‍රගතිශීලී කාර්ය භාරයකට පෙරමුණේ සිට උරදී සිටින බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උධිත හිමි පැවසූහ.

වසර 74ක ශාපලත් පාලනය මෙරටින් අතුගා දැමීම සඳහා මෙම භික්ෂු රැලියට සහභාගී වූ මහා සංඝරත්නය බලවත් තීන්දුවක් ගෙන ඇති බවත් ඒ අනුව මෙම රැලියට සහභාගී වී සිටින ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේලා අතීතයේදී විවිධ අවස්ථාවලදී පෙරමුණ ගත් මහා සංඝරත්නයේ අඩිපාරේ ගමන් කරන පිරිසක් බව පැවසූහ. එසේම මෙරට තුළ හැමදාමත් සාම්ප්‍රදායික් භික්ෂූන් වහන්සේලා සහ ප්‍රගතිශීලී භික්ෂූන් වහන්සේලා යනුවෙන් දෙපිරිසක් සිටි බවද වර්තමානයේ පෙරමුණ ගෙන තිබෙන්නේ රට ගැඹුරු අගාදයකට වැටුනු වේදනාකාරී අවස්ථාවක බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

ශ්‍රාෂ්ත්‍රපති මීගස්ජඳුරේ සීලානන්ද හිමියෝ

මේ භික්ෂු රැලිය පවත්වන්නේ රටේ දැවැන්තම අර්බුදය නිර්මාණය වී ඇති මොහොතක යැයි ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් ශ්‍රාෂ්ත්‍රපති මීගස්ජඳුරේ සීලානන්ද හිමියෝ පවසති.

ඒ මිහියෝ මේ බව පැවසූවේ මේ වනවිට කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ජාතික භික්ෂු පෙරමුණේ රැලියේ අදහස් දක්වමිණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ කළුතර දිස්ත්‍රික් ලේකම් ශ්‍රාෂ්ත්‍රපති මීගස්ජඳුරේ සීලානන්ද හිමියෝ,

“මේ ලාංකික භූමියට, ලාංකික සමාජයට අනුසාසකත්වය සපයන භික්ෂු සංවිධානයක් හැටියට අපි තීරණය කළා රටට අවශ්‍යම මොහොතේ ජාතික භික්ෂු රැලියක් පවත්වලා අපේ අරමුණ බවට පත්වුණු ජනතාවාදී පාලනයකට අදාල කරන නිසි මගපෙන්වීම සිද්ධ කිරීමට.

වත්මන් දේශපාන ආර්බුදය නිර්මාණය වී ඇත්තේද මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් බවත් මෙම දේශපාලන අර්බුදය විසඳා දේශපාලනමය වශයෙන් රට ස්ථාවර නොකර මෛ ආර්ථිකය අර්බුදය විඳය නොහැකි බවත් උන්වහන්සේ මෙහිදී පැවසීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසිනායක

රටක් ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වන අවස්ථාවල තවත් රටක යටත්විජිතයක් වීමේ අනතුර තිබෙන බවත් කවර තත්වයක් යටතේ හෝ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේලාට සහ අනික්තු ආගමික නායකයින්ට පැවරී තිබෙන්නේ ජනතාව ආධ්‍යත්මිකව ගොඩනැන්වීම බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසිනායක පවසයි.

“ලංකාව තම ඉතිහාසයේ ගැඹුරුතම අගාදයේ වටෙමින් සිටින බවත් එහි තරම තේරුම්ගෙන රට ගොඩනැගීම සඳහා සියලුම දෙනාම මැදිහත්විය යුතු බවත්ය. මැයි මස අවසන් වනවිට රට මීටත් වඩා භයානක තත්වයකට පත්වන බව මේ වනවිටත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙන්නේ යැයි මෙම තත්වය තුළ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාව බලා යාමට පෙර අපේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල පංගුවක් එරට පාවාදුන් බවද පැවසීය.”

මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ

මේ වනවිට රටේම තරුණ තරුණියන් ජනතාව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් බලය අතහැර යන ලෙස දන්වමින් විරෝධතා දක්වන බවත් ඒ හඩට කන් දෙලස දන්වා ත්‍රෛණිකායික මහා නායක හිමිවරු ජනාධිපතිවරයාට ලිඛිතව දැන්වූ බවත් මේ අවස්ථාවේ ඉවත් වුවහොත් රට මහා විපතකට පත්වන්නේ යැයි වගකිවයුතු අය ප්‍රකාශ කළ නමුත් දැන් මේ රට මෙතනින් එහාට වැටෙන්නට තැනැක් නැතැයි ශ්‍රී ලංකා රාමඥ්‍ය මහ නිකියායේ අධිකරණ නායක, ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන අනුෂාසක මහාචාර්ය අත්තංගනේ රතනපාල හිමියෝ පවසති.

ශ්‍රාස්ත්‍රපති පල්ලෙකන්දේ රතනසාර හිමියෝ

“මම කවදාවත් ජේවීපී පක්ෂයේ සාමාජිකයෙක් වුනේත් නැහැ. අනුගාමිකයෙක් වුනෙත් නැහැ. නමුත් ඒ අදහස් ගරු කරනවා. අද රටේ පවතින තත්වය අනුව සැබෑ ලෙසම රටට ආදය කරන පිරිසක් ඉදිරියට එන්න ඕනෑ.” යනුවෙන් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ වජිරවංශ පාර්ශවයේ වැඩබලන මහා නායක අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී ශ්‍රාස්ත්‍රපති පල්ලෙකන්දේ රතනසාර හිමියෝ පැවසූහ.

එහිදී උන්වහන්සේ “අපිට තිබුණු ප්‍රගතිශීලී අදහස් නිසා ජීවිත අවදානමකට ලක් වුනා. විදේශ රටකට ගිහින් ජීවිතය බේරගත්තා. මේ වනවිට රට පත්වී තිබෙන අනතුර හමුවේ සැබෑ ලෙසම රටට ආදරය කරන මහජන ව්‍යාපාරයක් ගොඩනගන්න ඕනෑ.” යනුවෙන් අවධාරණය කළහ.

මහාචාර්ය චන්දන අබේරත්න

කාලීන වශයෙන් වැදගත් තේමාවක් අනුව යමින් මේ මහා සංඝ සමුළුව පවත්වන බව ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න පැවසීය.

සියවස් හතර හමාරක පමණ කාලයක් අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීමෙන් මේ රටට සිදුකරනලද ව්‍යසනය 1948 නිදහස ලබාගැනීමෙන් පසුව අවසන් වේ යැයි අප සිතුවා. නමුත් එතැන්සිට මේ දක්වා 74 වසරක කාලයක් ගතවීමෙන් පසු අද අපි අත්විඳින්නේ බටහිර ජාතීන්ට යටත්ව සිටි සමයේ අත්වින්දාටත් වඩා විනාශකාරී තත්වයන් බව මහාචාර්යවරයා අවධාරණය කළේය.

Previous articleමාධ්‍ය ලේකම්ගේ කතාව බොරු – අගමැති සඳුදා අස්වෙනවා !!
Next articleදුමින්ද සිල්වා SQ-469 යානයෙන් සිංගප්පූරුවට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here