ඊයේ (06) දින දිවයින පුරා ජනතාව වත්මන් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් හර්තාල් ව්‍යාපාරය දියත්ක කළ අතර ඊට සමගාමිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් විරෝධතා පා ගමනක් පවත්වන ලදී .
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ඇරඹි පා ගමන කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ගාලුමුවදොර අරගල භුමිය දක්වා ගමන්කර අචාර්ය වරුන් පිරිස එහි පොදු අරගලයට එක්විය.
ඊයේ දිනයේ සාර්ථක වූ හර්තාල් ව්‍යාපාරය රට පුරා සැම නගරයකම දෛනික කටයුතු අඩාල වී තිබූ අතර කළු කොඩි ඔසවමින් ජනතාව ආණ්ඩුවට සිය විරෝධය පළකළේය.
ඡායාරුප – රවීන්ද්‍ර පුෂ්පකුමාර