හොර පාරෙන් පාර්ලිමේන්තුවෙන් පිටවෙන්න හැදූ සජබ මන්ත්‍රීවරුන් ජනතාව විසින් හරවා යවයි

150

විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට පිවිසුම් හා පිටවීම් මාර්ග සියල්ල අවහිර කරමින් රැදී සිටිම නිසා මන්ත්‍රීවරුන් ගණනාවකට පැය කිහිපයක් පාර්ලිමේන්තුවෙන් පිටතට යාමට නොහැකිව රැදී සිට ඇතැයි වාර්තාවේ.

පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම වන දියත උයන පිවිසුම අසල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුන් විසින් වටකරන ලද අතර අනෙක් පිවිසුම් මාර්ග වන ජයන්තිපුර පිවිසුම හා මාදිවෙල මන්ත්‍රී නිවාස දෙසින් කිඹුලාවල පිවිසුම මහජනතාව වට කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ට පිටතට යාමට නොහැකි වී ඇත.

මේ අතර ජනතාව මාර්ග අවහිර කර සිටියදී පාර්ලිමේන්තුවේ ජයන්තිපුර පිවිසුමෙන් පිටව යාමට උත්සාහ දැරූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, මනූෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ ජනතාව විසින් ආපසු හරවා යවා තිබේ.

ජයන්තිපුර පිවිසුමෙන් පිටතට යාමට පැමිණි මන්ත්‍රීවරුන්ට පිටව යා නොහැකි ලෙස ජනතාව අවහිර කර තැබීම නිසා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සහ ජනතාව අතර උණුසුම් කතාබහක් ද ඇතිවිය. ජනතා විරෝධය හමුවේ මන්ත්‍රීවරුන් රැගත් වාහන රැසක් නැවත හරවාගෙන ගොස් තිබේ.

 

Previous articleජාතික ජනබලවේගයේ මන්ත්‍රීන් පාර්ලිමේන්තුව වර්ජනය කරමින් ජනතාව සමඟ හර්තාලයට එක්වෙති
Next articleමහින්ද ඉල්ලා අස්වෙයි – ඉක්මණින්ම මහ මැතිවරණයක්!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here