දියත උයන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පිහිටවූ “හොරු ගෝ ගමට” අද (06) පොලිසීය කදුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එකවරම පොලිසිය එම ස්ථානයට ජල ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එහි රැදී සිටි කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් ඇතුළු විශාල පිරිසක් කදුළු ගෑස් හා ජල ප්රහායන්ට හසුව ඇත.
අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ඊයේ දිනයේ මෙම ස්ථානයට පැමිණි අතර ඔවුනට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ ද සිසුන් එම ස්ථානයෙන් ඉවත් නොවීම නිසා ඔවුන්ගේ සහායට සිවිල් පුරවැසියන් ද පසුව එක්වූහ. එසේ පැමිණි සිවිල් ජනතාව ගෙනැවිත් තිබූ ආහාර පාන පවා විනාශ වී යන ආකාරයට ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසිය කටයුතු කර තිබුනි.
ඡායාරුප . රවීන්ද්‍ර පුෂ්පකුමාර