රට පුරා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු සියල්ල හර්තාලය හේතුවෙන් අද (06) දිනයේ වසා දමා තිබුණි. පෞද්ගලික බැංකු ඊයේ (05) නිවේදනය කළේ ඔවුන් යම් කාලයක් පමණක් තෝරාගත් බැංකු ශාඛා කිහිපයක් පමණක් විවෘතව පවතින බවටය. එහෙත් එම කාලය තුළදී බොහෝ බැංකු විවෘතව පැවැතුණේ නැත. කොමර්ෂල් බැංකුව, සෙලාන් බැංකුව ආදී පෞද්ගලික බැංකු විවෘතව පවතින ශාඛා හා කාල වේලාවන් සිය පාරිභෝගිකයන් වෙත සමාජ මාධ්‍ය හා වෙනත් මාර්ග මගින් දැනුම් දී තිබුණි.