ජනපීඩක ආණ්ඩුවට ගෙදර යන ලෙසත්, සොරා කෑ ජනතා මුදල් යළි ලබාදෙන ලෙසත් බලකරමින් අද දිනයේ දීප ව්‍යාප්තව පැවැත්වීමට සූදානම් කර තිබෙන හර්තාලය සාර්ථකව ඇරඹී ඇති බව වාර්තා වේ.
නගර හා උප නගර ආශ්‍රිතව කඩ සාප්පු වසා දමා කළු කොඩි ඔසවා තිබෙනු දක්නට ලැබෙන අතර, දුම්රිය හා බස්රථ ධාවනයද ඉතා සීමිත බව අප වාර්තාකරුවෝ පවසති. මේ අතර හර්තාල ක්‍රියාමාර්ගයක් ලෙස වෘත්තිය සමිති විසින් පවත්වන උද්ඝෝෂණ කටයුතු මේ වනවිට ආරම්භ වෙමින් පවතින බව අප සමඟ අදහස් දැක්වූ වෘත්තිය සමිති සම්බන්ධීකරණ සමිතියේ (TUCC) නියෝජිතයෙකු පැවසීය.