එක්සත් ජනපදය පුරා ‘විමෙන්ස් මාච්’ (Women’s March) රැළි සඳහා දහස් ගණනක් එක්රැස් වෙති

4

දේශගුණික විපර්යාස, වැටුප් සමානාත්මතාවය, ප්‍රජනන අයිතීන් සහ සංක්‍රමණ වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රටපුරා නගරවල 18 වැනි සෙනසුරාදා රට පුරා පැවති දහස් සංඛ්‍යාත කාන්තාවෝ ‘විමෙන්ස් මාච්’   රැලිවලට සහභාගී වූහ. රැළි සඳහා සිය ගණනක් නිව්යෝර්ක් නගරයේ සහ වොෂිංටන් අගනුවර දහස් ගණනක් පෙනී සිටියහ. එමඟින් කාන්තාවන්ගේ දේශපාලන බලය උපයෝගී කර ගැනීම අරමුණු කර ගෙන ඇත. නගර 180 කට වැඩි ගණනක පාගමන් සෙනසුරාදා පැවැත්වීමට නියමිතව තිබිණි.

2017 ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවි ප්‍රාප්ත දිනයට පසු දින පැවැති සමාරම්භක පෙළපාලියට රට පුරා නගරවල ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇදී ගියේය. එම වසරේ අගනුවර පාගමන සඳහා සහභාගී වූ කාන්තාවන් මිලියනයකට ආසන්න විය. 

සෙනසුරාදා මැන්හැටන් හි ෆෝලි චතුරශ්‍රයේ සහ කොලොම්බස් කවයේ වෙනම අංගයක් ලෙස පැවැත්වූ  'නැඟිටීම හා ගර්ජනය' මැයෙන් වූ රැළියට සිය ගණනක් ජනයා එක්රැස් වූහ. 
තුවක්කු හිංසනයට එරෙහිව බලමුළු ගැන්වීම, ලිංගික හිරිහැර හා වෙනස් කොට සැලකීම්වලට එරෙහිව #MeToo ව්‍යාපාරය නිර්මාණය කිරීම සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් බහුතරය ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් කාන්තා නායිකාවක වන ජෙනිෆර් සීබෙල් නිව්සෝම් කාන්තාවන්ට ගෞරවය පුද කළේය. “2020 දී යුක්තිය කරා යන මාවතකට යළිත් නායකත්වය දෙන, නිර්භයව නැඟී සිටිමින් මේ රට ඉදිරියට ගෙන යනු ඇත්තේ කාන්තාවන් බවට මට කිසිදු සැකයක් නැත,” ඇය පැවසුවාය.
Previous articleගෝඨාභයට ඇමෙරිකාවෙන් රහස් ලිපියක් !
Next articleබුද්ධි අංශ පෙන්වමින් ආණ්ඩුව මර්දනයක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here