වෛද්‍ය පීඨ සිසුන් ගාලු මුවදොර විරෝධතා භූමියට

85

වසර 74ක රට විනාශ කළ දූෂිත පාලනයට එරෙහිව, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ මෙහෙයවීමෙන් පවත්වන දැවැන්ත විරෝධතා පාගමනක් කොල්ලුපිටිය හරහා ගාලු මුවදොර විරෝධතා භූමියට පැමිණියේය.
මෙම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමණ ඊයේ (29) දින හවස 3.00ට විහාරමහාදේවී උද්‍යානය අසළින් ආරම්භ වී ගාලු මුවදොර විරෝධතා භූමිය දක්වා පැමිණෙන විට විරෝධතා භුමියේ පිරිසගෙන් උණුසුම් පිළිගැනීමක් හිමි විය.
රටේ ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය වැනසූ, ජනතා අරගලවල නිරායුධ ජනතාවට වෙඩි තබා මර්දනය ක්‍රියාත්මක කළ ආණ්ඩුවට එරෙහිව, යන තේමාවෙන් මෙම විරෝධතාව පැවැත්විනි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සියලුම වෛද්‍ය පීඨයන්හි ශිෂ්‍යයන්ගේ එකතුවීමෙන් සහ වෛද්‍ය පීඨ ආචාර්ය සංගම්, වෛද්‍ය පීඨ අනධ්‍යන සංගම් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සහයද මේ සඳහා ලබා දී තිබේ.
ඡායාරුප . ප්‍රියන්ත බණ්ඩාර , චමෝද් දිසානායක 

Previous articleඅනුරුද්ධ බණ්ඩාර මිලියන 100ක වන්දියක් ඉල්ලයි
Next articleමාධ්‍ය හමුවක් පවත්වමින්, මහ බැංකුවෙන් බරපතල අනතුරු ඇඟවීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here