ආදරණීය “හාරා” විප්ලවයට ආදරය රැගෙන නැවත එන්න ගිටාරයේ තත් අතරින්….

32

ලෝක ඉතිහාසයේ අමරණීය මතකයන් ඉතිරි කර ගිය මිනිසුන් අතර අපගේ ගෞරවය සහ ආදරය හිමි වන තවත් ආදරණීය චරිතයක් තමයි “වික්ටර් හාරා” කියන්නේ Victor Jara. චිලී රටේ සන්තියාගෝ නුවර ජම්මය ලද ඔහු, ජීවිතයේ බොහෝ දුක් කම්කටොලු වලට මුහුණ දී ජීවිතය ජයගත් අභීත ආදරණීය මිනිසෙකු වූ හාරා සමාජීය වශයෙන් තැලෙන පෑගෙන දුක් විදින පීඩිත ජනතාවගේ ආත්මය පුබුදුවාලන්නට හා ශක්තියක් ගෙන දෙන්නට,ගිටාරය අවියක් කරගත් සොදුරු විප්ලවීය මිනිසෙකි වික්ටර් හාරා. ඔහුගේ හඩින් ගයන ගීතයට හා ගිටාරයෙන් නගන තත්සර හඩට සමාජයට කෙතරම් බලපෑමක් කරන්නට හැකි වුවද කිවහොත්, චිලී රටේ එවකට පාලනය කළ ඔගෙස්ටෝ පිනෝචේගේ Augusto Pinochet ෆැසිස්ට්වාදී පාලනය දෙදරා හරින්නට තරම් හාරාගේ ඇගිලි අතරින් නැගුණු ගිටාරයේ ප්‍රබල ස්වර හඩට හැකි විය.
පිනෝචියෝගේ ෆැසිස්ට් පාලනය හාරාගේ ගිටාරයේ තත් වලට කෙතරම් නම් බියක් දැනුනා ද කිවහොත්, ඔහුව චිලී ක්‍රීඩාංගනයට ගෙන ගොස් දහස් ගණනක් මිනිසුන්ට පෙනෙන්නට හාරාගේ ඇගිලි කැත්තකින් කපා දස වද දුන් පසු, ෆැසිස්ට් හමුදාව විසින් ඔහුට සමච්චල් කර වයන්න කියා ගිටාරය ඔහු වෙතට විසි කළේය, හාරා සියලුම වේදනාවන් අතරින් “විජයග්‍රහණය නියතයි” ගීතය ගැයුවේ රැස්ව සිටි දහස් ගණනක් මිනිසුන්ගේ දෙනෙත් වලට බලාපොරොත්තුවේ උණුසුම් කදුළු වරුසා මැදිනි. මෙයට තව තවත් කුපිත වූ ෆැසිස්ට් හමුදාව වික්ටර් හාරාගේ හිස මතට වෙඩි වර්ෂාවක් එල්ල කළේය,
හාරා මියගොස් දශක ගණනාවක් ගියද, ඔහුගේ ඇගිලි තුඩුවලින් නැගුණු ගිටාරයේ විප්ලවීය තත්සර හඩ, චිලී රටේ පමණක් නොව, ලෝකයේ පීඩිත ජනතාවගේ හදවත්වල තවමත් ජීවමානව ඇසෙන්නේ, දහසක් බලාපොරොත්තු දල්වා ලමිනි, ඉතින් ! වික්ටර් හාරා වැනි ” සැබෑ විප්ලවවාදීන්” මේ මහා පොළොවේ දහස් ගණනින් බිහිවේවායි මගේ එකම පැතුම……
– සාලිය ඉදුරුවිතාන

Previous article“ගොවීන් අතේ වී නෑ , මෝල හිමියන් අතේ වී නෑ, රටෙත් වී නැහැ යල කන්නයත් අනතුරේ”
Next article“පසුගිය මාස කිහිපයේ හෘද රෝගීන් වැඩිවීමට විද්‍යාත්මක හේතු සොයා බලන්න”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here