“දූෂිත පාලකයන් පැන්නීමට ජනබලය ප්‍රමාණවත් බව පැහැදිලි ය”

39

විසිදහසකින් ඇරඹි, මාස පහක් පුරා පැවති, කොරියානු ජනපතිනිය බලයෙන් පහකළ 2016 අරගලය! අපිට පුළුවන්!
2016 අවුරුද්දේ නොවැම්බර් පළවෙනිදා කොරියානු ජනාධිපතිනිය පාක් ජින් හියු ට එරෙහිව කොරියාවේ සියොල් නුවරට එකතු වූයේ විසිදහසක පමණ පිරිසකි.
පසුව එය ක්‍රමයෙන් වැඩි වූ අතර මාසයකට පසුව එනම් දෙසැම්බර් 03 වෙනිදා වාර්තාගත මිලියන 2.3ක පිරිසක් වීදිවලට බැස ජනාධිපතිනියට ගෙදර යන ලෙස බලපෑම් කළහ.
කොරියානු ජනපතිනියට එලෙස ගෙදර යාමට කැමැත්තක් නොතිබිණි. ඇය සිය සියළු උපක්‍රමයන් යෙදුවා ය. අවසානයේදී අගමැතිවරයාව ද බලයෙන් පහ කෙරුවා ය. කෙසේ වුවද විරෝධතාකරුවන් සිය උත්සාහය අත්හැරියේ නැත. දිනපතා ඔවුන් රැස්ව විරෝධතා පැවැත්වූහ. මේ අතර ජනාධිපතිනියට සහය දෙමින් ද මිලියනයක පමණ පිරිසක් රැස්වූ බව වාර්ථා වේ. (ලංකාවේ මෙන් විස්සක් තිහක් නම් නොවේ)
විරෝධතාවලට එකතු වී ඇත්තේ මුළු ජනගහනයෙන් සියයට තිහකටත් අඩු පිරිසකි.
කෙසේ වුවද ජනාධිපතිනිය ලේසියෙන් ගෙදර ගියේ නැත. ඇය විවිධ උපක්‍රම බාවිත කළා ය. කෙසේවුවද විශ්වවිද්‍යාල සහ උසස් පාසල්වල සිසුන් පාරට එන්නට පටන් ගත්හ. ඔවුහු නත්තල් සැමරුම් වීදිවල සැමරූහ. ( ලංකාවේ නම් කට්ටිය සැණකෙළි යැයි කියයි) ජනවාරි පළවෙනිදා නව වසර උදාවීම දැවැන්ත විරෝධතාවක් කළහ. මාස දෙකක කාලයක් පුරා ඔවුහු නොසැලී සිටියහ. ජනවාරි 21 වෙනිදා අධික සීතල හිම පවා නොතකා ඉටිපන්දම් රැගත් දකුණු කොරියානුවන් විරෝධතාවලට එක්වූහ. කොරියානු ජනාධිපතිවරියගේ දූෂිත පාලනයට එරෙහිව ඔවුහු නිර්භයව හඬනැගූහ. පාර්ලිමේන්තුව සෙලවිණි. මංත්‍රීවරු 300කගෙන් 234 ජනාධිපතිනියගේ නඩුව විභාග කළ යුතු බව සනාථ කළහ. මේ විරෝධතා නිසා මෙම දූෂණයන්ට සම්බන්ධ සැම්සුන්ග් සමාගමේ උප සභාපතිවරයා සිරගත කෙරිණි. අවසානයේ මැයි 10 වෙනිදා දූෂිත ජනාධිපතිනිය බලයෙන් පහ කෙරිණි. ජනබලය ප්‍රමාණවත් බව පැහැදිලි ය. පාර්ලිමේන්තුවට පීඩනය යොමුවිය යුතු ය.
– රශ්මික මණ්ඩාවල

Previous articleහිතවත් මහින්ද, ඔබේ ජීවිතයේ ගොඩනැගුන කීර්තියේ පරිහානය අත්පත් කරගන්නේ මන්ද?
Next articleඅයියගෙ මන්දිරෙත් දැම්මා සුදු කොඩිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here