අම්පාර පොදු සුසාන භූමියේ සාරා සොයා සිරුරු ගොඩගනියි

37

පාස්කු දින ප්‍රහාරයට සමගාමිව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ පිපිරීමකින් මියගිය පිරිසගේ සිරුර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී යළි ගොඩගැනීම අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය ඉදිරියේ අද (27 ) පෙරවරුවේ සිදු කළේය. ඒ සාරා ජෙසිමීන් නැමැත්තියගේ සිරුරේ කොටස් ඇත්දැයි සෙවීමටය.
සාරා යනු කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමදු හස්තූන් ගේ බිරිඳ පුලිස්තනී මහේන්ද්‍රන්ගේ හෙවත් සාරා ජෙසිමීන් නැමැත්තියයි. අයගේ සිරුරේ කොටස් එම සිරුර කොටස් අතර ඇත් දැයි දැන ගැනීමට ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා මෙහි තිබු සිරුර ගොඩ ගත්තේය.
අම්පාර පොදු සුසාන භූමයේ මිහිදන් කර තිබූ මෙම ශරීර කොටස් අධිකරණ නියෝග මත නැවත ගොඩ ගෙන ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සදහා යොමු කිරීමට අපරාධ විමර්ශණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ නිලධාරින් කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
සහරාන් හසීම් නමැත්තාගේ සොහොයුරා වු මොහොමඩ් රිල්වාන් නැමැත්තා විසින් 2019 වසරේ පාස්කු දින ප්‍රහාරයට ආසන්න දිනක රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක මාරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගැනීමෙන් ළමුන් ඇතුලු 17 දෙනකු මියගියේය.
පාස්කු ප්‍රහාර මාලාවේ විමර්ශනවලදී සාරා ජෙස්මිනීන් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු ඇය මියගොස් ඇති බවට මෙතෙක් තොරතුරු හෙළි වී නොමැති නිසා මෙම සිරුරු කොටස් වලින් ඩී එන් ඒ පරීක්ෂණ සිදුකරයි.
 

Previous articleරට පුරා ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නැයි කියද්දී ජනපතිගෙන් සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා
Next article“මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් විය යුතුයි”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here